(එච්. චන්දන )
හෙරෝයින් මත් කුඩු ක්‍රිලෝ 4 ග්රෑම් 368 ක් නිවසක අල්මරියක සඟවා අලෙවි කිරීමට සුදානම් වූ අවස්ථාවේ පොලිස් අත් අඩංගුවට පත් සැකකාර තරුණියන් 07 දෙනාගෙන් සිව් (04) දෙනකු ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර කරන ලෙසටත් , තිදෙනකු (03) ලබන 16 දක්වා වැඩිදුර විමර්ශණය සදහා පුත්තලම පොලිස් ස්ථානයේ රදවා තැබීමට පුත්තලම වැඩබලන මහේස්ත්‍රාත් මෙහොමඩ් ඉක්බාල් මහතා නියෝග කලේය .
පුත්තලම පොලිස් අධිකාරි කාර්යාලයේ කොට්ඨාශ විෂ මත් ද්‍රව්‍ය ඒකකය මගින් 09 දා උදැසන පුත්තලම කවඩයන්කුලම් ප්‍රදේශයේ නිවසක අල්මාරියක ඉතා රහසිගත ලෙස මෙම මත් කුඩු තොගය සගවා තිබූ අතර පොලීසයට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදු කළේය.
එම මත් කුඩු තොගය සමග පුත්තලම ප්‍රදේශයේ පදිංචි මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් 07 දෙනකු සැකපිට අත් අඩංගුවට ගණු ලැබූ අතර ඔවුන් අද 10 දා පුත්තලම පොලීසය මගින් පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කල අවස්ථවේ පුත්තලම වැඩබලන මහේස්ත්‍රාත් මෙහොමඩ් ඉක්බාල් මහතා මෙම නියෝග සිදු කරණ ලදී.