මත්කුඩු සමග සැකකරුවෙක් කඳානෙන් අල්ලයි



(හියුබට් ප්‍රනාන්දු)
කඳාන හා අවට ප්‍රදේශවලට මත්කුඩු බෙදූ බව කියන මත් ජාවාරම්කරුවකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 
ඔහු සතුව තිබූ මත්කුඩු ග්‍රෑම් හතරක් ද පොලිසිය සොයාගෙන ඇත. සැකකරු 30 හැවිරිදි විවාහකයෙකි.
කොළඹ ප්‍රදේශයෙන් ගෙනවිත් කදාන ප්‍රදේශයේ මත්කුඩු අලෙවි කරන බවට ලැබුණු තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය පවසයි.