(රේඛා තරංගනී ෆොන්සේකා)
මොරටුව පොලිස් බල ප්‍රදේශය පුරා අපරාධ මැඩලීමේ අරමුණින් අද (25) අලුයම කළ විශේෂ සෝදිසි මෙහෙයුමේදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් ඇතුළු විවිධ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 49 දෙනෙකු හෙරොයින්, කුඩු, අයිස්, මත්පැන් සමඟ අද (25) අලුයම අත්අඩංගුවට ගත් බව මොරටු පොලිසිය කියයි.
පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදා ගනිමින් මොරටුව පොලිස් බල ප්‍රදේශය පුරා සිදු කෙරෙන අපරාධ රැල්ල මර්දනය කිරීමේ අරමුණින් මෙම වැටලීම සිදු කළ බව පොලිසිය පවසයි.
එහිදී කසිප්පු මිලිමීටර් 9000 ක් සමග සැක 8 දෙනෙකු,හෙරොයින් මිලි ග්‍රෑම් 110 සමග සැක 4 දෙනෙකු, අයිස් මිලි ග්‍රෑම් 290 ක් සමඟ සැක දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි.
හෙරොයින්,ගංජා,අයිස්,මත්පැන් ආදි මත්ද්‍රව්‍ය වැරදි වලට අමතරව සිය අනන්‍යතාවය හෝ තමා පැමිණි කාරය පිළිබඳව සාධාරණ පිළිතුරක් ලබාදීමට නොහැකි වූ පාන්දර පාර පුරා සැරි සරන සැකකරුවන් 28 දෙනෙක් සහ වරෙන්තුකරුවෙක් අත්අඩංගුවට ගත් පිරිස අතර වන බවද පොලිසිය පැවැසීය.
මෙම සැකකරුවන් පානදුර, අඟුලාන, මොරටුව, ගල්කිස්ස, පිලියන්දල, කැස්බෑව යන ප්‍රදේශයන්හි පදිංචිකරුවෝ වෙති.
සැකකරුවන් මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.