(ඩී.කේ.රත්න)
මඩොල්සිම රෝබේරිය වතුයායේ හිදගල කොටසේ නායයෑමේ අවදානමක් හේතුවෙන් එම ප්‍රදේශයේ පදිංචි පවුල් 49 කට අයත් පුද්ගලයින් 165 දෙනෙකු අද (12) හවස ඉවත් කළ බව මඩොල්සිම පොලිසිය පවසයි.
නායයෑමේ අවධානමට ලක්වීමෙන් මෙසේ ඉවත් කළ පිරිස මේ වනවිට මඩොල්සිම රොබේරිය දෙමල කණිෂ්ඨ විද්‍යාලයේ අවතැන් කඳවුරක නතර කිරීමට කටයුතු කර ඇත.
මෙම නිවාසවලට ඉහළින් පිහිටි කදුවැටියේ ගල් සහ පස් තට්ටු කඩා වැටීමත් ප‍්‍රදේශයෙන් දියඋල්පත් මතුවීම හේතුවෙන් මෙම පිරිස නිවාසවලින් ඉවත් කර තිබේ.
මඩොල්සිම පොලිසිය හා බිබිල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදා කළමණාකරන ඒකකය මගින් අවතැන් වූ පුද්ගලයින් සඳහා සහන සැලසීමට කටයුතු කර තිබේ.

