මංජුල ද සිල්වා නවගමුවට


යාපනය ඉලවාලි පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මංජුල ද සිල්වා මහතා වහා  ක්‍රියාත්මක වන පරිදි නවගමුව පොලිස් ස්ථානාධිපති වරයා ලෙස පත්කර ඇත.

 පොලිස් විශේෂ කාර්‍ය බලකායේ සිටි නිලධාරියකු වන මංජුල ද සිල්වා පාතාල මර්ධනය කිරීමේ පොලිස් විශේෂ බලකා මුල් කණ්ඩායම්වලද කටයුතු කළේය.

එමෙන්ම යාපනය ඉලවාලි පොලිස් ස්ථානාධිපතිවරයාව කටයුතු කරමින් මාදගල් මුහුද හරහා දකුණට ගෙන එන කේරල ගංජා ජාවාරම්,හෙරොයින් ජාවාරම් ඇතුළු අපරාද ගණනාවක් හසු කර ගැනීමට සමත් විය.