(දිනේෂ් උපේන්ද්‍ර)
මහා පරිමාණ මංකොල්ලයකට සැරසෙමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු මෙරට නිෂ්පාදිත ගිනි අවියක්, ජීව උණ්ඩයක් හා රුපියල් 300,000කට ආසන්න මුදලක්ද සමඟ අද(26) අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කොබෙයිගනේ හා තණමල්විල ප‍්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.
කුලියාපිටියේ පිහිටි පෞද්ගලික බැංකුවක ස්වයංක‍්‍රීය ටේලර් යන්ත‍්‍රයෙන් මුදල් ලබාගන්නා පාරිභෝගිකයින්ගෙන් මුදල් කොල්ලකන බවට ලද තොරතුරු මත කුලියාපිටිය පොලිසිය කළ සෝදිසි මෙහෙයුමකදී සැකකටයුතුව හැසිරුණු මෙම පුද්ගලයන් දෙදෙනා සමඟ අංක තහඩු අපැහැදිලි යතුරුපැදියක් අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන්ගේ බෑගයක තිබී ගිනිඅවියක් ද කළු පැහැති අත්වැසුම් වැහි කබා, මුහුණු ආවරණ හා විවිධ වාහනවලට අයත් යතුරු ද පොලිසිය සොයාගෙන ඇත.
සැකකරුවන් මීට ඉහතදී රුපියල් කෝටි හතරක මංකොල්ලය හා රුපියල් ලක්‍ෂ 75ක කොල්ලයට අදාළ කොල්ලය සම්බන්ධයෙන් මේ වනවිටත් පවතින නඩුවලට අදාළ සැකකරුවන් බවද අනාවරණය කරගත් බව පොලිසිය කියයි.
ඔවුන් පැමිණි යතුරුපැදිය ව්‍යාජ අංක තහඩු සවිකර තිබී ඇතිබව ද පොලිසිය සොයාගෙන ඇත.
සැකකරුවන්, ගිනි අවිය සහ මුදල් අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතය.
මංකොල්ලයකට සැරසුණු දෙදෙනෙක් ගිනි අවි - ජීව උණ්ඩ සමඟ අත්අඩංගුවට
Recommended Articles