බෝලත්ත යුරෝපයේ මහපාරේ තවමත් වැඩ


ශ්‍රී ලංකාවේ කමත බෝලත්ත සිය කටයුත්තෙහි කැන්දාගනී .එහෙත් අපේ මිදුල් හෝ මහපාර හෝ බෝලතු මෙහෙවර නොලබයි. අප විසින් අමතක කරන්නට තරම් අකාරුණික වූ අතුගාන මෙහෙවරේ ආදි නායකයා වූ බෝලත්ත යුරෝපයේ පාරට නම් තවම අමුත්තෙක් නොවේ .

ඉතාලියේ සලේර්නෝ නඟරයේ නඟර සභාව මහපාර අතුගෑම පිණිස  සපුරා ම භාවිත කරනුයේ බෝලතු ය. ඉතාලියේ කඩවල බෝලතු විකිණේ . ඉකුත් දා බොලත්තකින් මහපාර අතුගෑමේ වරය මම ද අත්කෙළෙමි . නපොලියේ රියෝනේ ආල්තෝ නඟරයේ නිකොලා නම් තරුණ පියතුමන් විසින් පවත්වනු ලබන පරිසර සංගම් ශ්‍රමදානයට මට ද ඇරියුම් ලැබිණි. ඒ "ශ්‍රී ලංකා -ඉතාලි එකමුතුවේ "සභාපතිවරයා ද හෙයිනි. උදය වරුව පුරා පැවැති ශ්‍රමදාන වැඩසටහනට ඉසුඹුලත් දොස්තරවරුන් ඇතුළු ලොකු කුඩා මහත් පිරිසක් එක්වී සිටියහ. අපි මහත් සතුටකින් නඟරය සිය රිසියෙන් පිරිසුදු කෙළෙමු.

tilake_2016425 tilake_2016425-2 tilake_2016425-3