(ඩී.ජී.සුගතපාල)
යක්කලමුල්ල උඩුවිටිවයන ප්‍රදේශයේදී බෝර 12 වර්ගයේ උණ්ඩ යෙදිය හැකි මෙරට සාදන ලද ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අද (17) රාත්‍රී අත් අඩංගුවට ගත් බව යක්කලමුල්ල පොලිසිය පවසයි.
අත් අඩංගුවට ගෙන ඇත්තේ උඩුවිටියන මත්තපටියකන්ද පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු වෘත්තියෙන් කම්කරුවෙකු වන අතර ඔහු හෙට (18) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය