බෝර 12 ගිනි අවියක් සමඟ අයෙකු අත්අඩංගුවට


(ඩී.ජී.සුගතපාල)
 
බෝර 12 ගිනි අවියක් සහ උණ්ඩ සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු කටුවන පොලිසිය අද(06) අත්අඩංගුවට ගෙන තිබේ.
 
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ජූලම්පිටිය ගල්වාඩිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
 
පසුගිය 3වනදින මිද්දෙණිය ප්‍රදේශයේ අවමඟුල් නිවසකදි වෙඩි තබා ඝාතනය කරන ලද පුද්ගලයා සැකකරුගේ මිතුරෙකු බවත්, මියයාමට පෙර ගිනි අවිය තමාට දී තිබු බවත් සැකකරු පොලිසියට පවසා තිබේ.
 
කටුවන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.