බෝගහගොඩ ඉන්ධනහළක් කොල්ලකාලා


(ජී.ඩබ්ලිව්.කේ.පේ‍්‍රමතිලක ද සිල්වා)

ගිනි අවියක් ඇතැතිව මුහුණු ආවරණය කර ඇති ආරක්ෂිත හිස් වැසුම් පැළඳ යතුරුපැදියකින් පැමිණි තිදෙනෙක් බෝගහගොඩ ඉන්ධන පිරවුම්හළට කඩා වැදී එහි පොම්පකරු බියගන්වා ඔහු සතුව තිබූ ඉන්ධන විකුණා ලද මුදල් රුපියල් 30000 ක් අද (10) කොල්ලකා පළා ගොස් ඇතැයි හබරාදුව පොලීසිය කියයි.