(සනත් ගමගේ)
දින පහක් තිස්සේ බොන්න වතුර නැතැයි කියමින් හුංගම, දෙනිය සහ පිංගම ගම්වැසියෝ හාතගල ජල සම්පාදන මණ්ඩලයට කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නරත වූහ.
දෙනිය පිංගම ප්‍රජා ජල යෝජනා ක්‍රමය යටතේ පානීය ජලය සැපයෙන දෙනිය, පිංගම, බොලිටියාය, ඇත්බටුව, කිරිමැටිය , පිංගම ඇතුළු ගම්මානවල පදිංචි පවුල් 480 කට වැඩි පිරිසකට පානීය ජලය දින පහක් තිස්සේ නොලැබුණු බව විරෝධතා කරුවෝ චෝදනා කළහ.
හුංගම පොලිස් ස්ථානාධිපති සහ ජලසම්පාද න මණ්ඩල නිළධාරීන් සමග සාකච්ඡා දෙනිය පිංගම ප්‍රජ ජල ව්‍යාපෘතිය සඳහා තවත් නල මාර්ගයක් සකස් කර තොග ජලය ලබාදීම සිදු කරන බවත් එතෙක් බවුසර් මගින් පානීය ජලය සපයන බවට කළ ප්‍රකාශයත් සමක විරෝධතා කරුවෝ විසිර ගියහ.