බේරුවල කොණ්ඩා කපන ස්ථාන විවෘත කරයි


තුසිත කුමාර ද සිල්වා

බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානවලට පැමිණෙන්නන් අවසරලත් සැලුන් වෙත දුරකථනයෙන් අමතා කලින් වේලාවක් වෙන්කර සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කර පැමිණ එම කටයුතු සිදු කරගත යුතුයැයි බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීහු කියති.

මේ වන විට විවෘතව ඇති එම ස්ථානවල දැඩි තදබදයක් පවතින බව ජනතාව කියයි.

සැලුන් හිමියන් අද( 21) පැවසූයේ දිනකට සීමා සහිත පුද්ගලයන් ප්‍රමාණයකට සෞඛ්‍ය පිළිවෙත් අනුව තම සේවාවන් ලබා දෙන අතර පැමිනෙන සියලු දෙනාගේ නම ගම දුරකථන අංක පොතක සඳහන් කර ගැනීමට මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් උපදෙස් ලබාදී ඇති බවයි.

මේ වන විට එම ස්ථානවල අවසර ලැබී ඇත්තේ කොන්ඩ කැපීම හා හිස පිරිමැදීම වැනි කටයුතු වලට පමණක් බවත්, රැවුල කැපීම ෆේෂල් කිරීම නොකරන බවත්ය.

කාන්තා කොණ්ඩා කැපීම්ද සෞඛ්‍ය කොන්දේසි වලට අදාලව විවෘත කිරීමට අවසර දී තිබේ.