(සමන් පාලිත නානායක්කාර)
බෙරගල හපුතලේ ප්‍රධාන මාර්ගයත් බෙරගල වැල්ලවාය ප්‍රධාන මාර්ගයත් අතර රක්ෂිතයේ අද (26) ඇති වූ හදිසි ගින්නක් බණ්ඩාරවෙල නගර සභා ගිනි නිවන ඒකකය මඟින් නිවා දැමූ බව හපුතලේ පොලීසිය කියයි.
මාර්ගය දෙපස ගිනි ගැනීම හේතුවෙන් පැවති අධික දුමාරයත් ගිනිදැල් මාර්ගය දෙසට නැවී ඉහළ නැගීමත් නිසා වාහන ධාවනයට ද තරමක බාධා එල්ල වූ බව පොලීසිය කියයි.
බණ්ඩාරවෙල ගිනි නිවීමේ ඒකකය වහාම ක්‍රියාත්මක වී ගින්න නිවා දැමීම හේතුවෙන් ගින්න පැතිරී ඇතිවීමට ගිය විනාශයක් වැළකී ගිය බවත් ප්‍රදේශවාසීහු පැවැසූහ.
කිසිවකු තැබූ ගින්නක් මෙසේ පැතිර යන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
මෙම ගින්න හේතුවෙන් මග දෙපස සවි කර තිබූ මාර්ග සංඥා සහ නාම පුවරු කිහිපයකට ද හානි සිදුවී තිබේ.
හපුතලේ පොලිසිය පරීක්ෂණ පවත්වයි.


