බෙයාවේල් වතු කම්කරුවන්ගේ පරිසරය - ජලසම්පත රැකගැනීමේ පා ගමනක්


(තලවකැලේ -ශාන්ත චන්ද්‍රසිරි)


මධ්‍යම කඳුකර පරිසර පද්ධතිය ආරක්ෂාකර ගැනීමේ හා ජල සම්පත අරපිරිමැස්මෙන් භාවිතා කිරීමේ ඇති වැදගත්කම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ පා ගමනක් අද (07) තලවකැලේ, බෙයාවේල් වත්තේ වතුකම්කරු ළමුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.


බෙයාවේල් වතුයායේ වතු කම්කරු ළමුන් විශාල පිරිසක් පරිසරය රැක ගැනීමේ හා ජලය අරපිරිමැස්මෙන් පරිහරණය කිරීමේ ඇති වැදගත්කම සම්බන්ධයෙන් ලියන ලද විවිධ දැනුවත් කිරීමේ සටහන් සහිත පෝස්ටර් ප්‍රදර්ශණය කරමින් හැටන්- නුවරඑළිය මාර්ගයේ බෙයාවේල් වතුයාය අසල සිට ලිඳුල නගර දක්වා මෙසේ පා ගමනේ යෙදිණි.


පරිසරය හා ජලය සුරකීමේ ඇති වැදගත්කම පිළිබඳව මෙහිදී ජනතාව දැනුවත් කරන ලද අතර මෙම පරසරය සුරැකීමේ පා ගමන තලවකැලේ, බෙයාවේල් වත්තේ වතු අධිකාරිවරයාගේ මූලිකත්වයෙන් එම වත්තේ වතු වෛද්‍ය නිලධාරිවරයා ඇතුළු වතු නිලධාරීන් එක්ව සංවිධානය කොට තිබිණි.


ළමුන්ගේ සහභාගිත්වයෙන් පැවැති මෙම පා ගමන සඳහා බෙයාවේල් වතු කම්කරුවන්ද විශාල පිරිසක් එක්ව සිටියහ.