(බුලත්සිංහල විශේෂ ලක්මි කුඩලිගම)
බුලත්සිංහල පාඩගල කන්දේ ගින්නක් හටගෙන අක්කර 20ක් පමණ ගින්නෙන් දැවී ගොස් ඇතැයි බුලත්සිංහල පොලීිසිය පවසයි.
පෞද්ගලික ඉඩම් හිමියෙකු තමාගේ ඉඩමේ කොටසකට තැබු ගින්නක් පැතිර ගොස් පාඩගල කන්ද රක්ෂිතයේ අක්කර එකහමාරක් පමණ ගින්නට අසුවී ඇති අතර ගින්න තැබූ පුද්ගලයා අත්අඩංගුවට ගත් බව බුලත්සිංහල පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්‍ෂක චමින්ද ද සිල්වා මහතා කීය.
මේ වන විට ගින්න මැඩ පවත්වා ඇති අතර ඒ සඳහා කළුතර ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ ගිනි නිවීමේ ඒකකය හා පාඩගල කන්ද ප්‍රදේශ වාසීන්ගේ සහයෝගය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානයක සහාය ලබා ගත් බව පැවසීය.
මතුගම සහකාර පොලිස් අධිකාරි අනුර ගුණතිලක මහතාගේ උපදෙස් මත බුලත්සිංහල පොලීසිය පරික්‍ෂණ පවත්වයි.