බුංඇළේ වතුර රතු වී දීඇල් ඔයත් අපවිත්‍ර වේ


මීරිගම  විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි
                වේවැල්දෙණිය බුං-ඇළ දිගේ ගලා එන තද රතු පැහැති ද්‍රවයක්  තිත්තවැල්මංකඩ ප‍්‍රදේශයේදී  දී-ඇල් ඔයට මුසුවීම නිසා   පවුල් තුන් දහසක ට වැඩි පිරිසක්  ජලය පරිහරණය කිරීමේදී විවිධ පීඩාවන්ට පත්ව ඇතැයි  මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට පැමිණිලි කරනු ලැබීය.
බුං-ඇළ දිගේ ගලා එන කිසියම්  අපද්‍රව්‍යයක්  මේ ආකාරයෙන් දී-ඇල් ඔයේ ජලයට මිශ‍්‍රවීම නිසා ඉඹුල්ගස්ඔවිට, තිත්වැල්මංකඩ, දීඇල්ල, ගල්ඇන්ද, දේවාලපිටිය, කම්මල් පිටිය, දෙමටදෙණිකන්ද, නාඹුළුව ආදි ගම්මාන වල ජනතාව  මාසයක පමණ සිට ජල පරිභෝජණය කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව ප‍්‍රදේශවාසීහූ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි දිමුතු කරුනාරත්න මහතාට දැනුම් දුන්හ.