බීමතින් රිය පදවා අනතුරක් කළ කතට ඇප


(උපාලි ආනන්ද)

බීමත්ව මෝටර් රථයක් පදවා මාර්ගයේ නිවැරදි දිශාවෙන් ගමන් කරමින් සිටි ළමයෙකුගේ හප්පා රිය  අනතුරක් සිදු කළැයි කියන සිද්ධියකට සැකපිට අත් අඩංගුවට ගෙන රිමාන්ඞ් බාරයට පත් කර සිටි කාන්තාවක් රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත‍්‍රාත් හේමන්ත  පුෂ්ප කුමාර මහතා අද(8)නියෝග කළේය.

ලබන සැප්තැම්බර් මස 7 වන දින අධිකරණය හමුෙවි පෙනී සිටින ලෙසට ද සැකකාර කාන්තාවට තවදුරටත් නියෝග කලේය.

මෙසේ ඇප මත මුදා හැරියේ  මිහින්තලේ කන්නට්ටිය අශෝක උයන ලිපිනයේ පදිංචි බී එල්  කුමාරි නිසංසලා පීරිස් නැමති කාන්තාවකි.

මෙම සිද්ධියට අදාල පැමිණිල්ල කැදවූ අවස්ථාවේ අනතුරින් තුවාල ලද  23 හැවිරිදි රශෝඝ රත්නායක නැමැති අයට මුදලින් රුපියල් ලක්ෂයක වන්දියක් සැකකාර කාන්තාව විසින් අධිකරණයේදී ලබා දෙනු ලැබීය.

රිමාන්ඞ් බාරයට පත් කල මෙම සැකකාර කාන්තාව ඇප මත මුදා හරින්නැයි ඉල්ලමින් නීතිඥයින් අධිකරණයට ඉදිරිපත් කල මෝසමක්ද අතිරේක මහේස්ත‍්‍රාත් පුෂ්ප කුාමර මහතා මීට පෙර තරයේ ප‍්‍රතික්ෂේප කරනු කළේය.
සැකකාර කාන්තාව අධිකරණයට ඉදිරිපත් කරමින් මුල් බී වාර්තාව මගින් අනුරාධපුර මූලස්ථාන පොලීසිියේ රථ වාහන අංශය සදහන් කලේ සැකකාරිය පදවමින් සිටි මෝටර් රථය අනුරාධපුර කුම්බිච්චන්කලම සිසිල උයන අසලදී මාර්ගයේ නිවැරදි දිශාවෙන් ගමන් කරමින් සිටි  ළමයෙකුගේ හප්පා අනතුරක් සිදු කර ඇති බවයි.