බීමතින් ගෙට ඇතුළු වී දේපලවලට හානි කළ 6 ක් අත්අඩංගුවට



 
අනීෂා මානගේ


තංගල්ල කුඩාවැල්ල ප්‍රදේශයේ පැවති සංගීත සංදර්ශනයකින් පසුව බීමතින් නිවසකට ඇතුළු වී පුද්ගලයකුට පහරදී තුවාල සිදුකර තුවාලකරුගේ දේපලවලට බරපතල හානි සිදුකිරීමේ චෝදනාවකට සැකපිට පුද්ගලයින් හය දෙනෙකු තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.


මෙලෙස පොලිස් අත්අඩංගුවට පත්වූයේ තංගල්ල කුඩාවැල්ල, මොරකැටිආර හා කෝට්ටගොඩ ප්‍රදේශවල පදිංචි හය දෙනෙකි. 


මොවුන් වයස අවුරුදු 43, 50, 25, 24, 23 වයස්වල පසුවන්නෝ වෙති. 


තංගල්ල කුඩාවැල්ල ප්‍රදේශයේ පැවති සංගීත සංදර්ශනයකින් පසුව බීමත්ව නිවසකට ඇතුළු වී පුද්ගලයකුට පහර දී ඔහුගේ නිවසට හා නිවස ඉදිරිපිට නතර කර තිබූ ත්‍රීරෝද රථයකට බරපතල හානි සිදුකිරීමේ චෝදනාවකට මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.