(උපාලි ආනන්ද)
බස් රථය බීමත්ව පැදවීමේ චෝදනාවක් සම්බන්ධයෙන් පදවිය පොලිසියේ රථ වාහන අංශය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බස්රථ රියදුරෙකු එකී චෝදනාවට වරදකරු බවට නිගමනය කළ කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත‍්‍රාත් මාලින්ද හර්ෂණ ද අල්විස් මහතා එම සැකකාර රියදුරාගේ රියදුරු බලපත්‍රය තහනම් කිරීමට අද (30) නියෝග කළේය.
සැකකාර රියදුරාට මුදලින් රුපියල් 25000 ක දඩයක්ද මහේස්ත‍්‍රාත්වරයා නියම කරනු ලැබීය.
මෙසේ දඩුවම් නියම වූයේ පදවිය පරාක්‍රමපුර විජය මාවතේ පදිංචි බී.දුමින්ද සංජීව බාලසූරිය නැමැති පුද්ගලයෙකි.
වැලිඔය ජනකපුර සිට අනුරාධපුරය දක්වා මගීන් රැගෙන බීමත්ව බස් රථය ධාවනය කරමින් සිටියදී සැකකරු පදවිය නගරයේදී අත්අඩංගුවට ගෙන තිබුණි.