බීමට ජලය ඉල්ලා උද්ඝෝෂණයක්



(කේ ඩි දේවපි‍්‍රය)

තිස්සමහාරාම මහසෙන් පුර  ජනතාවට  පානීය ජලය නිසි අයුරින් ජලසම්පත් මණ්ඩලය මගින් ලබා නොදෙන බව පවසා ඔවුහු  අද (09)  තිස්සමහාරාම කතරගම මාර්ගය හරස් කර විරෝධතාවයක නිරත වුහ.

වසර ගණනාවක් පුරා තමන් ට නිසි ලෙස නල ජලය නොලැබෙන බවත් මෙම ගැටලූවට කිසිදු බළධාරියකු විසදුමක් ලබා නොදුන් බව පවසා ගම් රැසක ජනයා මාර්ගය හරස් කර තම පානිය ජල ගැටලූවට විසදුම් ලබා දෙන ලෙස ඉල්ලමින් මෙ උද්ඝෝෂණය සිදු කරනු ලැබීය.

කාවන්තිස්සපුර. වීරහොළ බොරළිහොල.රන්මිණිතැන්න. මහාසෙන් පුර.වැනි ගම් වලට අයත් ජනයා මෙම පානීය ජලය ඉල්ලා උද්ඝෝෂණයේ නිරත වු අතර මෙම පිරිස් පැවසුවේ. පුරා දින 20 ක් පමණ සිට නල ජලය නොලැබෙන බවත් තම දෛයිනික කටයුතු රැසක් මෙම ජල ගැටලූව මත අඩල වී ඇති බවයි.

මේ වනවිට තම පාසල් දරුවන් පවා දැඩි පීඩාවකට පත්ව ඇති අතර කතරගම ජලසම්පත් මණ්ඩලය මගින් මෙම ප‍්‍රදේශ වෙත නල ජලය ලබා දෙන මුත් මේ දක්වා පවුල් 1000 පමණ මෙම ජල පීඩාවෙන් පසුවන බව ජනයා මැසිවිලි නැගීය.

ජලසම්පත් මණ්ඩය ජලය ලබා දිය යුතු නල සංඛ්‍යාව සීමාව ඉක්මවා ලබා දීම මත මෙම ජල ගැටළුව සිදුවී ඇති අතර මේ  වනවිට නව ගම් රැුසකට නල ජලය ලබා දීම මත මෙම ගැට්‍යව තවත් වැඩි වීඇති බව ජනයා පවසයි.

ජලසම්පත් මණ්ඩලයේ නිළධාරියකු පැවසුවේ මේ වනවිට නල ජලය ලබා දිමට නොහැකිවී ඇත්තේ ධාරිතාවය අඩුවීම මත බවත් උස්ස බළධාරින් මේ පිළිබදව කඩිනම් පියවරක් නොගැනීම මත  මෙම ගැටලූව උග‍්‍ර අතට හැරි ඇති බවයි.