බීඩී කොළ සමඟ පුද්ගලයින් දෙදෙනකු නාවික හමුදා බාරයට


කිලිනොච්චිය , ඉරණමාතානගර් ප්‍රදේශයේ කළ සෝදිසි කිරිමකදී බිඩී කොළ කිලෝග්‍රෑම් 1113 ක් සමඟ  පුද්ගලයින් දෙදෙනෙකු  අද (11) නාවික හමුදා බාරයට ගෙන ඇත.
 

උතුරුමැද නාවික විධානය විසින් ඉරණමාතානගර් ප්‍රදේශයේ සිදු කළ ‍සෝදිසි කිරීමක් අතරතුරදී ඩිංගි යාත්‍රා මගින් ගොඩබිමට රැගෙන ඒමට උත්සහ කළ පාර්සල් 30 ක අසුරා තිබු මෙම බිඩී කොළ තොගය නාවික හමුදා බාරයට ගෙන ඇත.
 
පුද්ගලයින් දෙදෙනෙකු,ඩිංගි යාත්‍රා දෙකක් සහ පිටත දහන යන්ත්‍ර දෙකක්ද නාවික හමුදා බාරයට ගෙන ඇත.

මෙලෙස නාවික හමුදා බාරයට ගන්නා ලද පුද්ගලයින් පේසාලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, එම පුද්ගලයින්, ඩිංගියාත්‍රා, පිටත දහන යන්ත්‍ර සහ බිඩී කොළ තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා යාපනය,රේගු කාර්යාලය වෙත භාර දීමට නියමිතය.