බිබිලේ පැණි දොඩමට නරක දසාවක්



ලුණුගල ප්‍රසන්න පත්මසිරි
බිබිලේ පැණි දොඩම් විකුණාගැනීමට නොහැකිව ගොවීහු අසරණ වී සිටිති. පසුගිය වසර වලටත් වඩා මෙවර බිබිලේ ගම්මානවල පැණි දොඩම් ඵලදාව සරුවීමත් සමග ගොවීන්ට නිෂ්පාදන අලෙවිකරගැනීමට නොහැකිව සිටි.බුළුපිටිය,පිටකුඹුර, හමනව,නාගල,සේරව,නෙල්ලියද්ද,ගල්ගමුව යන ගම්මාන වල දොඩම් වගාව බහුලව තිබේ.
මෙවර දොඩම් ගෙඩියක් රුපියල් 8-10ක් වැනි අඩු මුදලකට වෙළෙදුන් මිලට ගැනිමත් සමග ගොවීන් අස්වැන්න අතහැර දමා තිබේ.
ගම්මානයේ දොඩම් වගාවන් වල ඵලදාව ගස් යට වැටී කුණුවී යන බවද ගොවීහු කියති.