(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඉඩම් ආරවුලක් දුරදිග යාමෙන් බෑනාගෙන් පහර කෑ පුද්ගලයකු අද(26) මිය ගොස් ඇති බවත් සැකකරු අත්අඩංගුවට ගත් බවත් පිළියන්දල පොලිසිය කියයි.
සැකකරු 37 හැවිරිදි හිටපු නාවික හමුදා සෙබළෙකු බවද පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ පිළියන්දල සිරිමංගලවත්ත පදිංචිව සිටි වයි. එම්. නිහාල් මුනිරත්න නමැති 65 හැවිරිදි දෙදරු පියෙකි.
අත්අඩංගුවට ගත් සැකකරු කලක් තිස්සේ වරින්වර සිය මාමණ්ඩිය හා බහින්බස් වී ඇතැයි පොලිසිය කළ මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත.
සැකකරුගේ ප්‍රහාරයට ලක්ව මාමණ්ඩිය හදිසියේ රෝගී වී කලුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි ද පසුව ඔහු මිය ගිය බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළ බවද පොලිසිය කියයි.
සැකකරු කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
බෑනා පහර දී මාමා මරුට
Recommended Articles