බෑණාගේ නැගණිය අපයෝජනය කළ මාමා රිමාන්ඩ්


(ඩී.ජී.සුගතපාල)
 
බෑණාගේ බාල වයස්කාර නැගණිය අපයෝජනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මාමා නොවැම්බර් 7 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරණ මහත්මිය අද (25)නියෝග කළාය.

මෙසේ බන්ධනාගාර ගත කරනු ලැබුවේ  නෑබඩ ප්‍රදේශයේ පදිංචි 65හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරුගේ දියණියක් විවාහවී ඉමදුව ප්‍රදේශයේ පදිංචිවි සිටින අතර සැකකරු දියණිය බැලීම සඳහා එම නිවසට පැමිණ දින කිහිපයක් ගතකර ඇති බවත් එසේ සිටියදී බෑණාගේ නැගණියට අතවර කර ඇති බවත් අනාවරණය වී ඇත.

අපයෝජනයට ලක්ව ඇත්තේ 11 හැවිරිදි සිසුවියකි.

ජාතික ළමා රක්ෂක අධිකාරිය ලද පැමිණිල්ලක් අනුව ඉමදූව පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.