බැනරයක් පිළිබඳ පරීක්ෂණයක් ඉල්ලා ගලේවෙල ප්‍රා.ලේකම්ගෙන් පැමිණිල්ලක්


(මොහොමඩ් බුහාර්ඩීන් )


ගලේවෙල  ප්‍රදේශයේ ප්‍රසිද්ධ  විදුහලක තාප්පයක  එල්ලා තිබූ බැනරය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණ සිදු කරන ලෙස ගලේවෙල  ප්‍රාදේශිය  ලේකම් එම් යු  නිශාන්ත මහතා ගලේවෙල පොලිසියට අද ( 16) පැමිණිලි කර තිබේ. 


එම විදුහල අසල ඉදිකර ඇති වෙළදසැලක් සම්බන්දයෙන් විදුහල් පාර්ශවය හා වෙළද සැල් පාර්ශවය අතර  පවතින ගැටලුවක් මෙයට හේතු වී ඇතැයි පොලිසිය පවසයි .


අදාල විදුහලේ පාසල සුරැකීමේ සංවිධානය විසින් සිය විදුහල ඉදිරිපිට තාප්පයේ ප්‍රදර්ශනය කර තිබු බැනරය සඳහන් වී තිබුණේ මෙම ඉඩම සම්බන්ධ පවතින ගැටලුවේදී   ප්‍රාදේශිය ලේකම් වරයා මුනිවත රකින බව යි .

 

මෙම මෙම බැනරයේ සදහන්වී තිබු කරුණූ සම්බන්දයෙන් තමාට වගකීමක් නොමැති බවත් කෙසේ නමුත් මේ සම්බන්දයෙන් අදාල අංශ දැනුවත් කර තිබියදී මෙලෙස බැනරයක් විදුහල ඉදිරිපිට ප්‍රදර්ශනය  කිරීම  නිසා රාජකාරි කිරීමේදී මහත් අපහසුතාවයක් හා සිය කීර්ති නාමයට බලවත් හානියක් සිදු වන බවත් 

මේ  පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා නීතිය ක්‍රියාත්මක  කරන ලෙස ප්‍රාදේශිය  ලේකම්වරයා ගේ පැමිණිල්ලේ සඳහන්ය.