බළන්ගොඩ නාවික සෙබලුන් තිදෙනාට කොරෝනා නෑ


( ප්‍රින්ස් රත්නායක )

බළන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කලාපයේ  බෝවත්ත හපුගහකුඹුර මොළමුරේ යන ප්‍රදේශයන්හි  පදිංචි වැලිසර නාවික හමුදා සෙබලුන් කෝවිඩ් වෛරසය  ආසාධිත නොවන බවට පී.සී. ආර් පරීක්ෂණයෙන් තහවුරු වී ඇත.
 
බළගොඩ කලාපයෙන් සෙබළන් සිව් දෙනෙක් ස්වයාං නිරෝධායනයටලක් ඛර ඇති අතර ඉන් ඉහත තිදෙනා 24 වැනිදා රත්නපුර මහරෝහළවෙත පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කෙරුණි.
 
එම වාර්තා අනුව එම තිදෙනාට වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරුව ඇති බව බළන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නූර්දීන් රිෆයිඩීන් මහතා සඳහන් කළේය.
 
ඉතිරිව සිටි බුළත්ගම නාවික සෙබලා අද පස්වරුවේ පී.සී අර් පරීක්ෂණයට රත්නපුර මහරෝහළ වෙත යැවීමට කටයුතු කර ඇති බවද සඳහන් කළේය. ඉහත සෙබලුන් තිදෙනාට ස්වයං නිරෝධායනයට යොමු වීමට උපදෙස් ලබා දී ඇති අතර සතියක දී නැවත ඔවුන් පරීක්ෂා කිරීමට කටයුතු කරන බවත් ඔවුන්ගේ පවුල්වල පුද්ගලයින් 24 දෙනෙක් වෙත නිවෙස් වල සිට ස්වයං නිරෝධායන කටයුතු සිදු කළ යුතු බවට උපදෙස් ලබා දී ඇති බව ද සඳහන් කළේය.