(ගම්පහ තිලකරත්න දිසානායක)
බස්නාහිර පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය අද (14) දහවල් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි නිරීක්ෂණ චාරිකාවක නිරත වූවාය.
මෙම අවස්ථාවේදී රෝගීන් සහ කාර්ය මණ්ඩලය සඳහා ඇති රෝහල් ආපන ශාලාව සහ මුලුතැන්ගෙයද නිරීක්ෂණය කළ අතර සපුරාගත යුතු අවශ්‍යතා මොනවාද යන්න තමන් වෙත දැනුම් දෙන ලෙස රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමන් පතිරණ මහතාට දන්වා සිටියාය.
පූර්ව දැනුම් දීමකින් තොරව ආණ්ඩුකාරවරිය පැමිණි අතර මෙම අවස්ථාවේදී ගම්පහ පුරපති එරංග සේනානායක මහතා සමග එක්ව ගම්පහ දුම්රිය ස්ථානයෙහි පවතින තත්ත්වයද නිරීක්ෂණය කළාය.




