බස් තරගයෙන් මගීහු අතරමං


අද (26) පෙරවරු 7.30 ට පමණ මඩගල්ල කුරුණෑගල මාර්ගයේ පුද්ගලික බස් රථයක් හා ශ්‍රී ලංගම බස් රථයක් තරගයට ධාවනය කිරීමට ගොස් ඇතිවූ අනතුරක් නිසා මගීහු බොහෝ පිරිසක් අපහසුවට පත්වූහ.

මඩගල්ල මොරගොල්ලාගම දෙස සිට කුරුණෑගල දෙසට ගමන් කරමින් සිටි පුද්ගලික බස් රථයක් ශ්‍රී ලංගම බස් රථයට තරගයට ඉස්සර කිරීමට යාමේදී කුඹුක්ගැටේ නගරයේදී ශ්‍රී ලංගම බස් රථය හරස් කැපීමෙන් අනතුර සිදුව ඇතැයි කියති.