බස්-කාර් අනතුරින් අයෙක් මරුට


(රොමේෂ් මධුෂංඛ)

කිලිනොච්චිය මාන්කුලම් ඒ-9 ප්‍රධාන මාර්ගයේ දී මුරුගණ්ඩි ප්‍රදේශයේ දී  පෞද්ගලික බස් රථයක් හා කාර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් එක් අයෙකු මිය ගොස් ඇතැයි මාන්කුලම් පොලීසිය පවසයි.

වවුනියාව දෙස සිට කිලිනෝච්චියට ගමන් ගත් කාර් රථය කිලිනොච්චියේ සිට වව්නියාව දෙසට ගමන්ගත් පෞද්ගලික බස් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

බස් රථයේ රියදුරු මාන්කුලම් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අනතුරින් කාර් රථයට බරපතල හානි සිදුව තිබූ අතර එහි රියදුරු එම ස්ථානයේදීම මිය ගොස් සිටි බවටත් මියගොස් ඇත්තේ වයස අවුරුදු 64 ක් වූ කොලඹ බම්බලපිටියේ පදිංචි කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරිකයෙකු බව අනාවරණය වී තිබේ.