බස් අනතුරින් තිදෙනෙක් රෝහලේ


( රොමේෂ් මධුෂංඛ)


කොළඹ සිට මුලතිව් දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මුලතිව් මුල්ලියාවලෙයි ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අනතුරකට ලක් වීම හේතුවෙන් බස් රථයේ ගමන්ගත් මගීහු තිදෙනෙකු තුවාල ලබා ඇති බවට මුල්ලියාවලෙයි පොලීසිය පවසයි.


කොළඹ සිට මුලතිව් දක්වා ගමන් කොට ඇති මෙම  පෞද්ගලික බස් රථය මුල්ලියාවලේ මන්ස්න්ධියේදී රියදුරට නින්ද යාම හේතුවෙන් බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අසළ ගසක වැදීමෙන් මෙම අනතුර සිදුව ඇති බව මුලික  පරික්ෂණ වලදී අනාවරණය වී තිබේ.


අනතුර සිදු වන අවස්ථාවේදී බස් රථය තුල මගීහු 30 කට අධික පිරිසක් සිට ඇති අතර තුවාල ලැබූ මගීන් තිදෙනා මුලතිව් රෝහලට ඇතුළත් කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් මුල්ලියාවලේයි පොලීසිය වැඩි දුර පරික්ෂණ පවත්වයි.