බසයේ හැපී සිසුවියක් මරුට


(ඩී.කේ.රත්න )
 
වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ කුඩාඔය අලියකන්ද ප්‍රදේශයේදී විදේශීය සංචාරකයින් ප්‍රවාහනය කරමින් තිබූ සුඛෝපභෝගී බස් රථයක හැපීමෙන් අද (27) පාසල් සිසුවියක් මියගොස් ඇතයි තණමල්විල පොලීසිය පැවසීය.

 
කිතුල්කොටේ විද්‍යාලයේ හතර වසර ඉගෙනුම ලබන ඌව කුඩාඔය පතානයාය අංක තිස්හතර ලිපිනයේ පදිංචි එස්.ඒ.රංජනා නෙත්මි නැමති නව හැවිරිදි දැරියක් මෙම අනතුරින් මියගොස් තිබේ.
 
මෙම දැරිය පාසල නිමවී නිවසට පැමිණෙමින් සිටියදී ඇල්ල නගරයේ සිට තිස්සමහරාම දක්වා සංචාරකයින් ප්‍රවාහනය කළ බස් රථයක හැපීමෙන් මෙම දැරිය මියගොස් තිබේ.
 
මෙම අනතුරින් කුපිත වූ ප්‍රදේශවාසීන් විසින් මෙම බස් රථයට පහරදී දැඩි අලාභහානි සිදු කර ඇතයි පොලීසිය කියයි.
 
මෙම අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරු තණමල්විල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

තණමල්විල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ටී.එම්.කරුණාතිලක මහතාගේ උපදෙස් පරිදි තණමල්විල පොලීසියේ රථවාහන අංශයේ නිළධාරීහු විසින් මේ පිළිබදව පරීක්ෂණ සිදු කරති.