(අනුරාධපුර දයාරත්න ඇඹෝගම)
බස් රථයක පා පුවරුවේ ගමන්ගත් මගියෙකු කැබිතිගොල්ලව නගරයේදි ඉන් ඇද වැටි අද (07)දින මියගිය බව කැබිතිගොල්ලැව පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ යකාවැව, හල්මිල්ලවැටිය, කැබිතිගොල්ලැවේ පදිංචිව සිටි නංහාමිගේ සමන්ත නිමල් (42) නැමැති හතළිස් දෙහැවිරිදි එක්දරු පියෙකි.
මියගිය අය පුල්මුඩේ සිට කොළඹ බලා ගමන්ගත් ලංකා ගමනා ගමන මණ්ලයට අයත් බස් රථයකින් එමින් සිටියදී කැබිතිගොල්ලැව බස්නැවතුම්පලේදි පා පුවරුවෙන් ඇද වැටී තුවාල ලබා මෙසේ මිය ගොස් ඇති බව කැබිතිගොල්ලැව පොලිසිය කියයි.
මෙම බස්රථය කැබිතිගොල්ලෑව ඩිපෝවට අයත් බස් රථයකි. සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරා පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.
ඔහු අද (07) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් කැබිතිගොල්ලැව මුලස්ථාන පොලිස් පරික්ෂක එච්.ඩබ්.කේ.ජයන්ත මහතා ඇතුලු පොලිස් නිලධාරින් කණ්ඩායමක් විසින් පරික්ෂණ සිදුකරනු ලබයි.