බසය පෙරැළී ඇඟලුම් සේවිකාවන් 8 ක් රෝහලේ


(ජී.ඩබ්ලිව්.කේ.පේ‍්‍රමතිලක ද සිල්වා)

කොග්ගල අපනයන සැකසුම් කලාපයේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් ප‍්‍රවාහන කරමින් තිබූ බස් රථයක් හබරාදුව හැඩිවත්තේදී අද(12) උදැසන  මාර්ගයෙන් ඉවතට පැන පොල්ගසක වැදීමෙන් වූ අනතුරින් තුවාල ලබා සේවිකාවන් අටදෙනෙක් හබරාදුව කළුගල ප‍්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බව හබරාදුව පොලිසිය කියයි.

මෙයින් බරපතල තත්වයේ පසුවු දෙදෙනෙක් වැඩිදුර ප‍්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා තිබේ.

පොලීසිය පවසන්නේ අනතුරට පත් බස් රථයේ රියැදුරුට අධික වේගය හේතුවෙන් බස් රථය පාලනය කර ගැනීමට නොහැකී වීමෙන් මෙම අනතුර සිදුවූ බව මූලික විමර්ශනයේදි අනාවරණය වූ බවයි.

බස් රථයේ රියැදුරු සැකපිට අත් අඩංගුවට ගෙන තිබේ. ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම අනතුර සම්බන්ධයෙන් හබරාදුව පොලිසිය වැඩිදුර පරික්ෂණ කටයුතු සිදුකරයි.