(එම් .සුසිල් ප්‍රියන්ත )
අතිකාල ප්‍රශ්නයක් මුල්කරගෙන සිව් වැනි දිනට අදත් (15 ) දහවල් බලපිටිය මූලික රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය සිය සේවාවන්වලින් ඉවත්ව රෝහල ඉදිරිපිට ගාලු පාර අයිනේ සිට උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරතවූහ.
ඔවුන්ට සහය පළ කිරීමට සමස්ත ලංකා සෞඛ්‍ය සේවක සංගමයේ ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමියන්ද එක්ව සිටියහ.
මේ උද්ඝෝෂණය සදහා බලපිටිය මූලික රෝහලේ උපස්ථායක ,උපස්ථායිකා ඇතුලු කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවක ,සේවිකාවන් රැසක්ම සහභාගිවී සිටි අතර තමන්ට හිමි මාර්තු ,අප්‍රියෙල් මාස දෙකේ අතිකාල තවමත් ලබා නොදීම නිසා මේ උද්ඝෝෂණය ව්‍යාපාරය පැවැත්වූ බව ඔවුහු කීහ.
අද දවසේ මේ සදහා සාධාරණ විසදුමක් නොලැබුන හොත් මීටත් වඩා සංවිධානයවී මේ උද්ඝෝෂණ ව්‍යාපාරය තමන්ට හිමි අතිකාල ලැබෙන තෙක්ම සිදුකරන බවද ඔවුහු වැඩිදුරටත් පැවසූහ.