බලපත්‍ර නොමැතිව ඔසුසලක් පවත්වාගෙන ගිය අයෙකුට දඩ


(එස්. ඩී. කොඩිකාර)

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ බලපත්‍රයක් නොමැතිව ඔසුසලක් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් වරද පිළිගත් වෙළඳසැල් හිමියෙකුට  මාතර අතිරේක මහෙස්ත්‍රාත්  අතිරේක  දිසා විනිසුරු චම්පික  රාජපක්ෂ මහතා අද (31) රුපියල් 75,000 දඩ මුදලක් ගෙවන ලෙස නියම කළේය.

මෙසේ දඩ නියම වූයේ චමීර පෙදෙස, වැලිගම  පදිංචි එම්.එස් .එම්.අප්හම්  නැමති පුද්ගලයකුට ය.

මාතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක  කාර්යාලයේ  ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන් වැලිගම ප්‍රදේශයේ කළ ඖෂධ වෙළඳසැල්  සෝදිසි කිරීමේදී මෙම වැටලීම කර තිබිණි.

පැමිණිල්ල වෙනුවෙන් ආහාර හා ඖෂධ පරීක්ෂක වයි.වී ද සිල්වා මහතා පෙනී සිටියේය.