(ඩී.ජී.සුගතපාල )
බලපත්‍ර නොමැතිව මදන මෝදක ගුලි 1000කට ආසන්න ප්‍රමාණයක්ද ලිංගික උත්තේජන ඖෂධ පෙති රැසක්ද සමග පුද්ගලයෙකු අද(09) දහවල් අත් අඩංගුවට ගත් බව වඳුරඹ පොලිසිය පවසයි.
සැකකරු සන්තකයේ තිබු රුපියල් විසිපන් ලක්ෂයක්ද පොලිස් බාරයට ගෙන ඇත.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ වඳුරඹ පහල ලේල්වල පදිංචි 35හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු වඳුරඹ නගරයේ සිංහල බෙහෙත් බඩු විකුණන වෙළඳ සලක් පවත්වා ගෙන යන යනු ලබන අතර එහි තබාගෙන මෙම මදන මෝදක ගුලි සහ ලිංගික උත්තේජන පෙති අලෙවි කරන බවට ලැබුන තොරතුරක් අනුව සැකකරුගේ නිවසේ සහ වෙළඳ සලේ තිබි මදන මෝදක සහ ලිංගික උත්තේජන පෙති සොයාගෙන ඇත
පොලිස් පරික්ෂණවලදි අනාවරණයවි ඇත්තේ මදන මෝදක පාසල් සිසුන්ට අලෙවි කිරිම සඳහා ගබඩා කරගෙන තිබි ඇති බවය.
පොලිස් පරික්ෂක යූ.ජී.අබේරත්න මහතාගේ බුද්ධි තොරතුරු අනුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක රුක්මන් කුමාර මහතාගේ මෙහෙයවිම යටතේ උප පොලිස් පරික්ෂක සුජිව කුසුම් ලාල්.කොස්තාපල්වරුන්වන අමිල මධුසංක( 75343)චන්දුසිරි(94869) යන මහත්වරුන් විසින් සැකකරු අත් අඩංගුවට ගෙන ඇත.
සැකකරු හෙට බද්දේගම මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.