( නිශාන්ත කුමාර)
වන සතුන් දඩයම් කිරීම සඳහා යොදාගනු ලබන බලපත්‍ර නොමැති බට තුවක්කු හතරක් සහ මරණ ලද මුවකුගේ හමක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු රිදීමාලියද්ද කණුගොල්ල ප්‍රදේශයේදී අද (16) සැකපිට අත්අඩංගුවට ගත් බව රිදීමාලියද්ද පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රිදීමාලියද්ද පොලිස් වසමට අයත් කණුගොල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 48 ක පුද්ගලයෙකි.
පොලිසිය වෙත ලද තොරතුරුකට අනුව සැකකරුගේ නිවෙස පරික්ෂා කිරීමේදී බදින තුවක්කු හතර සහ මුව හම සොයා ගැනීමට පොලිසියට හැකිවිය.
අත්අඩංගුවට ගත් භාණ්ඩ සමඟ සැකකරු අද (16) මහියංගන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
රිදීමාලියද්ද වැඩබලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.පී වීරකෝන් මහතාගේ උපදෙස් පරිදි රිදිමාලියද්ද පොලිසියේ නිලධෘරීහු පිරිසක් වැටලීම සිදුකර සැකකරු සමඟ භාණ්ඩ අත්අඩංගුවට ගැනීමට කටයුතු කළහ.
රිදීමාලියද්ද පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.