බලපත් නැතිව දැව ගෙන ගිය රියදුරුට දඩ


(ටෝනි කරුණානායක)

නිසි බලපතක් නොමැතිව ලොරි රථයකින් දැව ප්‍රවාහනය කල ලොරි රථ රියදුරු ට රුපියල් 5000ක දඩයක් නියම කල මිනුවන්ගොඩ වැඩ බලන මහෙස්ත්‍රාත් චාන්දනී දයාරත්න මහත්මිය දැව රාජසන්තක කරන ලෙස අද (11) නියම කළාය.

කොස්,කොහොඹ සහ මහෝගනී යන දැව වලින් ඉරන ලද ලැලි සහ කදන්වල වටිනාකම රුපියල් 220,500 ක් බව ගම්පහ අඩවි වන නිලධාරි න්  තක්සේරු කර ඇතැයි දිවුලපිටිය පොලිසියේ උප පොලිස් පරික්ෂක එන්.පි.සුභසිංහ මහතා පැමිණිල්ල මෙහෙයවමින් අධිකරණය හමුවේ පැවසිය .

රාජසන්තක කරන ලද දැව රජයේ දැව සංස්ථාවට බාර දී ඒ සම්බන්ධ වාර්තාවක් නොවැම්බර් 6 වැනිදා මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දිවුලපිටිය පොලිසියට නියම කෙරුණි .