බලන්ගොඩ ඉඹුල්පේ හාගල රක්ෂිතයේ ගින්නක්


(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)

බලන්ගොඩ  ඉඹුල්පේ  හාගල  රක්ෂිතයේ  අද (09) සවස ගින්නක් හටගෙන ඇති බව සමනල වැව පොලිසිය පවසයි.

මේ සම්බන්ධයෙන් හාගල රක්ෂිතය තුළ සිටි පුද්ගලයින් හය දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත්බව පොලිසිය කීය.

අත්අඩංගුවට ගත් පිරිස වත්තල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් බව පොලිසිය සඳහන් කළේය.

සැකකරුවන් බලන්ගොඩ වන සංරක්ෂණ නිලධාරීන් වෙත බාර දුන් බව සමනල වැව පොලිසිය පැවැසීය.