(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි )
බලන්ගොඩ ප්‍රදේශිය ලේකම් බල ප්‍රදේශයට අද (11 ) දා අලුයම සිට පවතින අධික වර්ෂාවත් සමග ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් නාය අවදානම් කලාප ලෙස නමි කර ඇති ග්‍රාම සේවා වසමි පහකට අයත් ජනතාව විමසිල්ලෙන් සිටින්නැයි බලන්ගොඩ ප්‍රදේශිය ලේකම් හේමන්ත බණ්ඩාර මහතා ජනතාවට දැනුම් දී තිබේ.
පෙටිටිගල ,එගොඩ වලේබොඩ ,රාස්සගල ,ඇල්ලෙවත්ත, සහ ගවරන්හේන යන ග්‍රාම සේවා වසමි වලට අයත් ප්‍රදේශ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් නාය අවදානම් කලාප ලෙස නමි කර ඇත.
ඇල්ලෙවත්ත ග්‍රාම සේවා වසමෙි මැද්දෙක්ද වත්ත , රාස්සගල ග්‍රාම සේවා වසමෙි හැරමිටිගල ,පෙටිටිගල ග්‍රාම සේවා වසමෙි යද්දෙහිකන්ද සහ පෙටිටිගල වත්ත , ගවරන්හේන , හා එගොඩ වලේබොඩ යන ප්‍රදේශ නාය අවදානම් කලාප ලෙස නම් කර ඇති බව බලන්ගොඩ ආපදා සහන සේවා නිළධාරීන් උපුල් අනුරසිරි මහතා කිය.
පෙටිටිගල ප්‍රදේශයට මිලිමිටර් 84 ක වර්ෂාපතනයක් පැවැති බවද අනුරසිරි සිරි මහතා කිය. නාය අවදානම් තත්ත්වය සමිබන්දයෙන් ජනතාව දැනුම් කිරිම ඇතුළු මුලික කටයුතු සිදුකර ඇති අතර හදිසි අවස්ථාවක් ඇතිවුවහොත් ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත යොමුකිරීම සදහා සියළුම කටයුතු ප්‍රදේශිය ලේකම් වරයාගේ උපදෙස් මත සුදානමි කර තිබෙන බව ආපදා සහන සේවා නිළධාරීන් උපුල් අනුරසිරි මහතා වැඩිදුරටත් සදහන් කලේය.