( සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
ඉන්ධන මිල ඉහළ දැමිමට සහ රසායනික පොහොර ආනයනය කිරීම නතර කිරීමට විරෝධය දක්වමින් බලංගොඩ නගරසභවෙි බලය හිමි එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායම අද (25) දා බලංගොඩ නගරසභවෙි මාසික රැස්විමෙිදි විවිධ සටන් පාඨ සහිත පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් විරෝධයක නිරත විමත් සමග සභාව උණුසුම් තත්තවයක් හටගත්තේය.
ඔවුහු විනාඩි පහක පමණ කාලයක් එලෙස විරෝධතාවයේ නිරත විම සදහා අවස්ථාව ලබා දෙන ලෙස සභාපති චාමික ජයමිණි විමලසේන මහතාගේ අවසර ඉල්ලා එම විරෝධතාවයේ නිරත වුහ.
ඉන්පසු නගරසභවෙි විපක්ෂ නායක වසන්ත ගුණරත්න මහතා (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ) කියා සිටියේ විරෝධය දැන්විම ගැටලුවක් නොමැති බවත් නමුත් 2015 වසරේ මහින්ද රජපක්ෂ මහතා පරාජයට පත්වන විට රටෙි තිබු සංවර්ධන වැඩ පිළවෙල පසුගිය රජය විසින් මුළුමනින්ම අඩාල කර දැමු බවයි.
මෙවැනි වසන්ගත තත්ත්වයක් සමග ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතා ජනතාවට සහන ලබා දෙමින් රට සංවර්ධනය කරමින් රට සාර්ථකව ඉදිරියට ගෙන යන බවද ඔහු කීවේය.
එහි පක්ෂ විපක්ෂ මන්ත්‍රී වරු අතර වචන හුවමාරුවක් ඇති වි සභව උණුසුම් විය.