බඹරු ඇනීමෙන් පෙර පාසල් ළමුන් 16දෙනෙකු රෝහලේ


(ඩී.කේ.රත්න)
 
බඹරු ඇනීමෙන් වැල්ලවාය හඳපානාගල පෙර පාසලක ළමුන් 16දෙනෙකු සහ ගුරුවරියක අද(06) හඳපානාගල ප්‍රා දේශීය රෝහලට  සහ වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.
 
පෙර පාසලේ සේවය කරන ගුරුවරිය ළමුන් 65දෙනෙකු රැගෙන තෙලුල්ල බෝධිරාජාරාමයට ගිය අවස්ථාවේදී එහි ගසක සිටි වඳුරකු බඹර වදයක් ඇවිස්සීම හේතුවෙන්, බඹරු ඇන ඇත.
 
තුවාල ලැබූ පෙර පාසල් ළමුන් 16 දෙනා මේ වන විටත් හදපානාගල ප්‍රාදේශීය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබති.
 
 
පෙර පාසල් ගුරුවරිය අසාධ්‍ය තත්වයෙන් වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය කියයි.
 
වැල්ලවාය පොලීසියේ නිලධාරීහු මේ පිළිබඳව පරීක්ෂණ පවත්වති.