බඹරු ඇනීමෙන් කම්කරුවන් - සිසුන් 9ක් රෝහලේ


(රංජිත් රාජපක්ෂ)    
                  
නොර්වුඩ් පොලිස් වසමට අයත් පුලියාවත්තේ තේ දලු නෙළමින් සිටි වතු කම්කරු කාන්තාවන් හත්දෙනෙකු සහ පාසල් ළමුන් දෙදෙනෙකු බඹරු ඇනීමෙන් අද(16) දික්ඔය මූලික රෝහලට ඇතුළත් කළ බව නොර්වුඩ් පොලිසිය පැවසීය.
 
එම අවස්ථාවේ මාර්ගයේ ගමන් කරමින් සිටි පාසල් ළමුන් දෙදෙනෙකුටද  බඹරුන් පහර දී ඇත.
 
ගසක් මත බැඳ තිබූ බඹර කූඩුවක් ඇවිස්සී ඇති බව දික්ඔය මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන තුවාලකරුවෝ පැවසූහ.
 
තුවාල ලැබූවන්ගේ තත්වය බරපතල නොවන බව දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරයෙක් පැවසීය.