බඹර ප්‍රහාරයෙන් පාසල් සිසුන් 11 ක් රෝහලට



රොමේෂ් මධුෂංඛ
 
මුලතිව් ඔඩ්ඩුසුඩාන් ආරමුගම් මහවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිසුන් 11 දෙනෙකුට හා ගුරුවරයකුට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් රෝහල් ගත කළ බව විදුහල්පති පවසයි.


ආරුමුගම් විදුහලේ දෙවැනි මහලේ බැඳ තිබූ බඹර වදයක් පැවති අධික සුළං තත්වය හේතුවෙන් කඩා වැටීමත් සමඟ පාසලේ සිටි සිසුන් බඹර ප්‍රහාරයන්ට ගොදුරු වී ඇති අතර බඹර ප්‍රහාරය එල්ලවීමත් සමඟ සිසුන් අතර නොසන්සුන්තාවයක් ද ඇති වී තිබෙන අතරම එම අවස්ථාවේදී පාසලේ විදුහල්පතිවරයා ඇතුළු ගුරුවරුන් එක්ව පාසල් ළමයින් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇති අතර ළමුන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කරන අවස්ථාවේදී එක් ගුරුවරයකු බඹර ප්‍රහාරයට ලක්වී ඇත.


බඹර ප්‍රහාරයයට ලක් වූ පාසල් සිසුන් හා ගුරුවරයා ඔඩ්ඩුසුඩාන් රෝහලට ඇතුළත් කර ඇති අතර පාසල් ළමුන්ගේ සහ ගුරුවරයාගේ තත්වය බරපතල නොවන බවටද ඔඩ්ඩුසුඩාන් රෝහල් ප්‍රකාශකයකු පැවසීය.