බඹර ප්‍රහාරයකින් 5 ක් රෝහලේ


(විජේරත්න රත්නායක)

හාලිඇල උඩුවර රත්මඬවල ප්‍රදේශයේ දී බඹර ප්‍රහාරයකට ලක්වූ පුද්ගලයන් පස් දෙනෙකු අද (27) බදුල්ල මහ රෝහලට ඇතුළත් කරනු ලැබීය.

එම ප්‍රදේශයේ එළවළු කොටුවක වැඩ කරමින් සිටි පිරිසක් මෙම බඹර ප්‍රහාරයට ලක්ව ඇති අතර බඹර දෂ්ඨනයට ලක්වූ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයන් සිව් දෙනෙකු මෙසේ රෝහල් ගතකර තිබේ.

එක් අයෙකුගේ තත්වය තරමක් බරපතල වූ අතර සෙසු සිව් දෙනාගේ තත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.