(සිතුම් චතුරංග)
වවුනියාව, පුලියංකුලම, පුලිඅඩිමුරිප්පු කැළෑ ප‍්‍රදේශයේදී බඳින තුවක්කුවක් පත්තුවීමෙන් 37 හැවිරිදි පුද්ගලයකු අද (23) අලූයම මිය ගොස් ඇතැයි වවුනියාව පරයානම්කුලම් පොලිසිය කියයි.
සතුන් දඩයම් කිරීම සඳහා පුලිඅඩිමුරිප්පු කැළෑ ප‍්‍රදේශයේ ගමන්කරමින් සිටියදී කිසියම් අයකු විසින් සතුන්ට අටවන ලද බඳින තුවක්කුවක් පත්තුවීමෙන් අදාළ පුද්ගලයා මිය ගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.
මෙලෙස මියගොස් ඇත්තේ වවුනියාව ,පරයානම්කුලම, පෙරියතම්පනේ පදිංචි කරුපයියා රවින්ද්‍රන් නැමති 37 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය සඳහන් කරයි.