(අනීෂා මානගේ)
හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 10 සහ මිලිග්‍රෑම් 170, ග්‍රෑම් 27ක් සහ මිලිග්‍රෑම් 330ක මත්පෙති සහ ගංජා ග්‍රෑම් 14 මිලිග්‍රෑම් 370ක් අඟුණකොළපෑලැස්ස බන්ධනාගාරය තුළට රැගෙන යාමට තැත්කළ බව කියන බන්ධනාගාර නියාමකවරයකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරීහු පවසති.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අඟුණකොළපෑළැස්ස බන්ධනාගාරයේ නියාමකවරයකු ලෙස සේවය කරමින් සිටි තංගල්ල ගොඩැල්ලවෙල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකි.
අඟුණකොළපෑළැස්ස බන්ධනාගාරයට රැගෙන එන සියළුම රැඳවියන්, බන්ධනාගාර නිලධාරීන් ඇතුළු සියළුම පුද්ගලයන් පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරීන් විසින් විශේෂ පරීක්ෂාවකට ලක් කරන අතර එලෙස පරීක්ෂා කිරීමේ දී සැකකරු හඳුනාගැනීමට හැකිව තිබේ.
හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 10 සහ මිලිග්‍රෑම් 170, ග්‍රෑම් 27ක් සහ මිලිග්‍රෑම් 330ක බරින් යුතු මත්පෙති 26ක් සහ කැඩුණු මත්පෙති 29ක් , ගංජා ග්‍රෑම් 14 මිලිග්‍රෑම් 370ක්, පෙන් ඩ්‍රයිව් උපකරණයක්, ජංගම දුරකතන බැට්රි දෙකක් සහ සිම් කාඩ්පතක් සැකකරු සතුව තිබී අත්අඩංගුවට ගෙන තිබිණි.