බන්ධනාගාර මානවක බාලදක්ෂ ජම්බෝරියක් බදුල්ලේදී


(පාලිත ආරියවංශ)

දිවයිනේ සියලුම බන්ධනාගාර වල මානවක බාලදක්ෂයන්‍  සහභාගිවන බාලදක්ෂ ජම්බෝරියක් බදුල්ල තල්දෙන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයේදී අද (13) ආරම්භ කෙරිණි.

බන්ධනාගර දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කළ තෙවන බාලදක්ෂ ජම්බෝරිය මෙය වේ.

මෙම බාලදක්ෂ කඳවුර දින තුනක් පැවැත්වෙන අතර බාලදක්ෂ මානවකයන් 500 දෙනෙක් සහ නිලධාරීන් 250 දෙනෙක් මෙම කඳවුරට සහභාගි වී සිටිති.

බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම බාලදක්ෂ ජම්බෝරිය ආරම්භ කෙරිණි.