බදුල්ල මහ නගරසභාවේ කම්කරුවෝ විරෝධතාවයක


(පාලිත ආරියවංශ)
 
බදුල්ල මහ නගර සභාවේ සනීපාරක්ෂක කම්කරුවෝ අද(7) ඉල්ලීම් කිහිපයකට විරෝධය දක්වමින් නගර සභාවේ කසළ අංගනය අසළ උද්ඝෝෂණයක නිරතව සිටිති.
 
නගරාධිපතිවරයා හා නාගරික මන්ත්‍රීවරයෙකු කම්කරුවන්ට බැන වැදීම, දිවා ආහාරය ලබාගැනීම සඳහා කසල අංගන  ගොඩනැගිල්ලේ පහසුකම් ලබානොදීම,  සේවක වාහන එම පරිශ්‍රයට ඇතුළු කිරීම  තහනම් කිරීම  හා යෝජිත නිලඇඳුමට විරෝධය දැක්වීම යන කරුණු මුල්කරගනිමින් මෙම විරෝධතාව පැවැත්වේ.
 
ඔවුන් අද දින තාවකාලිකව රාජකාරියෙන් ඉවත්වී මෙම විරෝධතාවයට එක්ව සිටිති.
 
ඔවුන්ගේ ඉල්ලීම් වෙනුවෙන් බලධාරීන් සමඟ මේ වනවිට සාකච්ඡා සිදුවෙමින් පවතී.