බදුල්ල - කොළඹ මාර්ගය ලිස්සන සුළුයි


(ප්‍රින්ස් රත්නායක)

පවතින වැසි හේතුවෙන් කොළඹ - මඩකලපුව ප්‍රධාන මාර්ගය (ඒ4) ලිස්සන ස්වභාවයක් ගැනීමෙන් රිය අනතුරු කීපයක් වාර්තාවේ.

හුණුවල ඕපනායක ප්‍රදේශයේදී ඊයේ (26) පස්වරු  6ට පමණ වනවිට පමණක් ත්‍රිරෝද රථ 5 ක් ලිස්සා ගොස් පෙරළී ගිය බව එම ප්‍රදේශවාසීහු පැවසූහ.  වර්ෂාවත් සමග පාර ලිස්සා යාමෙන් මෙම අනතුරු සිදුව ඇති බව පවසන අතර ප්‍රවේශමෙන් රියපදවන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලයි.

(ඡායාරූපයෙන් දැක්වෙන්නේ කොළඹ - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ඕපනායකදී පාර මැද ලිස්සා පෙරළී ගිය ත්‍රිරෝද රියක්  පොලීසිය මැදිහත්ව ඉවත්කර  රථවාහන ගමනාගමනයට වූ අවහිරතාව ඉවත් කළ අයුරුය.)